පසුගිය දා Meta සමාගම විසින් හඳුන්වා දුන් නවතම යෙදවුම වන Threads සමාජ මාධ්‍ය වෙත දැන් web browser වලින් ද පිවිසීමේ හැකියාව සකස් කර තිබෙන බව වාර්තා වෙනවා.
Instagram හි ප්‍රධානි Adam Mosseri විසින් ප්‍රකාශ කලේ දැන් ලොව පුරා පරිශීලකයන් මෙම Threads web යෙදුම භාවිතා කිරීමේ අවස්ථාව ලබා දී ඇති බවයි.
Threads.net හරහා එන නව අතුරුමුහුණත (web interface) එහි ජංගම දුරකථන යෙදුමට බෙහෙවින් සමාන වන අතර සුළු වෙනස්කම් කිහිපයක් එහි දැක ගත හැකි වෙනවා.
කෙසේවෙතත් threads ජංගම යෙදුම හරහා ලබා දී ඇති සෑම පහසුකමක් ම මෙම web යෙදුමට තවමත් ලබා දී නොමැති අතර ඒවා ද ඉක්මනින් ලබා දීමට පියවර ගන්නා බවයි threads ප්‍රකාශ කර තිබෙන්නේ.
Elon Musk ගේ Twitter හෙවත් X යෙදුමට අභියෝගයක් වන ලෙස දියත් කරන ලද මෙම යෙදුම දියත් කර කෙටි කාලයකින් ම පරිශීලකයන් මිලියන 100 සීමාව පසු කර යාමට සමත් වුණා.

