වියළි කාලගුණයත් සමග නතර වී තිබූ හම්බන්තොට, රන්න ජල සම්පාදන යෝජනා ක්‍රමය යටතේ ජලය නිකුත් කිරීම යළි ආරම්භ කර ඇති බවට වාර්තා වෙනවා.
ඒ එම ජල යෝජනා ක්‍රමයට ජලය ලබාගන්නා කට්ටකාඩු වැවට මහවැලි ජලය නිකුත් කිරීම හේතුවෙනි.
ඒ අනුව රන්න ජල සම්පාදන ක්‍රමයට අයත් පවුල් 14,000 කට ජලය ලබාදීම මේ වන විට ආරම්භ කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අනෝජා කළුආරච්චි මෙනවිය සදහන් කරනවා.
එසේම එරමිණියාය වැවට මහවැලි ජලය නිකුත් කිරීම හේතුවෙන් අඟුණකොළපැලැස්ස ප්‍රදේශයට ද බාධාවකින් තොරව ජලය නිකුත් කිරීම ආරම්භ කර තිබෙන බවයි වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

