වගා හානි සඳහා වන්දි ලබාදීමේ දී ගොවීන් වියදම් කළ සියල්ල තක්සේරු කර වන්දි ගෙවීම සිදුකළ යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ප්‍රකාශ කරනවා.
ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසන්නේ අක්කරයක් සඳහා එක ගොවියෙක් රුපියල් රුපියල් 150,000කට වඩා වැඩි මුදලක් වියදම් කර ඇති බවයි.
මේ අතර ගොවීන්ට දෙන වන්දි මුදල ඉහළ නැංවීම සඳහා තමා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව යි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ.

