මේ වන විට පෞද්ගලික බස් රථවල සේවය කරන සේවකන්ගෙන් 80% කට පමණ ආසන්න පිරිසකට බස් රථවල සේවයට අදාළ පුහුණු සහතික නොමැති බව ලංකා පෞද්ගලික මගී ප්රවාහන සේවක සංගමය සඳහන් කරනවා.
බස් රථයක සේවය කිරීමට පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය හෝ ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් හෝ පවත්වන පුහුණුව ලබා ගත යුතු බවත්, රියදුරු බලපත්රයක් තිබූ පමණින් බස් රථ ධාවනය කළ නොහැකි බවත් ඔහු පවසනවා.
එසේම එම බස් රථ විශාල ප්රමාණයක් දෛනික බදු පදනම මත ධාවනය වන ඒවා බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන් බොහෝ බස් රථ ටිකට් පත් ද ලබා නොදෙන බවත්, යම්හෙයකින් බස් රථ අනතුරක් සිදු වූ අවස්ථාවක දී රක්ෂණ වන්දි මුදලක් ලබා ගැනීමට සිදු වුවහොත් ටිකට් පතක් රැගෙන තිබීම අනිවාර්ය බවත් එම සංගමයේ ලේකම්වරයා අවධාරණය කරනවා.

