නියඟයෙන් පීඩා විඳින ජනතාවට පානීය ජලය බවුසර් මඟින්

වියළි කාලගුණ තත්ත්වය නිසා ජල ගැටලු වලට මුහුණ දී සිටින ජනතාවට පානීය ජලය ලබා දීම සඳහා රජය විසින් මේ වන විට රුපියල් ලක්ෂ 572 ක මුදලක් වියදම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

පසුගිය මස ආරම්භයේ සිට මෙලෙස බවුසර් මඟින් ජනතාවට ජලය බෙදා හරිමින් පවතින අතර මේ වන විට දෛනිකව බවුසර් 200 කට වැඩි ප්‍රමාණයක් මේ සඳහා යොදා ගනු ලබන බවයි වාර්තා වෙන්නේ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ජලය බෙදා හරිනු ලබන අතර වියළි කාලගුණය හේතුවෙන් යම් ජල හිඟයකට මුහුණ පා සිටින්නේ නම් ඒ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහන සේවා නිලධාරීන්ට දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.