අභ්‍යන්තර අක්ෂි කාච වලත් හිඟයක්

ඇසේ සුද සඳහා ප්‍රතිකාර කිරීම සහ අක්ෂි බද්ධ කිරීමේ දී භාවිතා වන අභ්‍යන්තර අක්ෂි කාචවල හිඟයක් ඇති වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කරනවා.

ලංකාවේ දැනට පවතින ඖෂධ ප්‍රමාණය දැන ගැනීම සඳහා භාවිතා වන ස්වස්ථා වෙබ් අඩවියේ, වෛද්‍ය සැපයුම් අංශය සහ රජයේ රෝහල්වල අභ්‍යන්තර අක්ෂි කාච සම්පූර්ණයෙන් නොමැති බවයි සඳහන් වෙන්නේ.

මෙම තත්ත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රුපියල් මිලියන නවයක අභන්තර අක්ෂි කාච මිල දී ගැනීම සඳහා කඩිනම් පියවර ගෙන ඇතත් ඒ සඳහා මාස කිහිපයක් යා හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.