බ්‍රිතාන්‍යය සෞඛ්‍ය ආධාර ලබා වැඩපිළිවෙලෙහි දෙවන අදියර ලබන වසරේ සිට

එක්සත් රාජධානියේ සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන සෞඛ්‍ය ආධාර වැඩසටහන පිළිබඳව ඊයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සහ බ්‍රිතාන්‍ය වැඩබලන මහා කොමසාරිස්වරිය අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහි දී Covid 19 වසංගතය හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ දී නතර කර තිබුණු මෙම සෞඛ්‍ය ආධාර ප්‍රදාන වැඩසටහන ලබන 2024 වර්ෂයේ ජනවාරි මාසයේ දී නැවත ආරම්භ කිරීමට නියමිත බවයි කොමසාරිස්වරිය සඳහන් කර තිබෙන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් ආයතනවල සහාය ඇතිව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩලය සඳහා පුහුණු ශිෂ්‍යත්ව ලබා දීම ද සිදු කෙරෙනු ඇත.