රුසියානු ප්‍රහාරයකින් හය හැවිරිදි දරුවෙකු ඇතුළු තවත් හත් දෙනෙක් ජීවිතක්ෂයට

උතුරු යුක්රේනයේ Chernihiv නගරයට අද එල්ල කරන ලද ප්‍රහාරයකින් හය හැවිරිදි දරුවෙක් ඇතුළු තවත් හත් දෙනෙක් ජිවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ප්‍රහාරය හේතුවෙන් ප්‍රධාන චතුරශ්‍රයකට, විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලකට සහ රංග ශාලාවකට හානි සිදුව ඇති අතර 110 දෙනෙක් පමණ තුවාල වී ඇති බවයි යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

ප්‍රහාරය පිලිබඳ අදහස් දක්වමින් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පැවසුවේ රුසියාව සාමාන්‍ය සෙනසුරාදා දිනය, වේදනාවේ සහ සුසුම්ලන දිනයක් බවට පත් කළ බවයි.

කෙසේවෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් අදහස් දක්වා නොමැති බවයි වාර්තා වෙන්නේ.