යතුරුපැදි සොරාගෙන එම යතුරුපැදි කොටස්කර විකුණන පුද්ගලයන් දෙදෙනෙකු වත්තල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, වත්තල දික්ඕවිට ප්‍රදේශයේ දී යතුරුපැදියක් පරීක්ෂා කිරීමේ දී එහි පැදිකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03කට ආසන්න ප්‍රමාණයක් හමුවූ බවය.
අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගෙන, යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන වැඩිදුර කරුණු සොයාබැලීමේ දී හෙළිවී ඇත්තේ, එම යතුරුපැදිය සීදුව ප්‍රදේශයේ දී සොරාගෙන තිබූ යතුරුපැදියක් බවය.

