සමීක්ෂණයක් මඟින් ලොව මිටිම පුද්ගලයන් වෙසෙන රටවල් 25 ක් හඳුනා ගෙන ඇති අතර එම ලයිස්තුවේ 25 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන බව Insider වෙබ් අඩවිය වාර්තා කරනවා.
ඔවුන් සඳහන් කරන්නේ ලෝකයේ උසම මිනිසුන් වාසය කරන නෙදර්ලන්තය වැනි රටක සිටින දරුවෙක් සහ මිටි මිනිසුන් වාසය කරන ලාඕස් වැනි රටක දරුවෙක් අතර උසෙහි සෙන්ටිමිටර 20 ක පමණ පරතරයක් දැකිය හැකි බවයි.
වෙබ් අඩවිය එළි දක්වන ලද ලයිස්තුවේ වඩාත්ම මිටි පුද්ගලයන් සිටින්නේ අග්නිදිග ආසියාතික දූපතක් වන ටිමෝර් – ලෙස්තේ හි ය. එහි පිරිමියෙක් සාමාන්‍යයෙන් අඩි 5 අඟල් 2.9 ක් උස අතර කාන්තාවක් අඩි 4 අඟල් 11.5 ක් උස වෙනවා.
ශ්‍රී ලංකාවේ සාමන්‍ය පුද්ගලයෙක් ගේ උස ලෙස ඔවුන් දක්වා ඇත්තේ අඩි 5 අඟල් 3.04 කි.
මෙම ලැයිස්තුවේ ඉන්දියාව, නේපාලය, මියන්මාරය, භූතානය, ඉන්දුනීසියාව යනාදී රටවල් ද අයත් වෙනවා.

