සෞඛ්‍ය ඇමති ගැන විවාදය සැප්තැම්බර්

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා සැප්තැම්බර් පළමු සතියේ දින තුනක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයන් ලබන අගෝස්තු 24 වන දා පැවැත්වීමට ද පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

මීළඟ පාර්ලිමේන්තු සතිය අගෝස්තු 22 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත ය.