කොළඹ නගරය අලංකාර සහ පිරිසිදු නගරයක් ලෙස පවත්වාගෙන යාමේ ව්‍යාපෘතිය ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.
නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහා නගර සභාව යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩපිළිවෙල නතර වී ඇති බවට ජනාධිපතිවරයාට ලැබුණු පැමිණිලි වලට ප්‍රතිචාර දක්වමින් මෙලෙස මෙම ව්‍යාපෘතිය යළිත් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව නාගරික උද්‍යාන,සහ වෙරළ අලංකාරව සහ පිරිසිදුව තබා ගැනීම, බේරේ වැව ඇතුළු කොළඹ නගර සීමාවේ ඇති ඇළ මාර්ග ආදිය පිරිසිදු කිරීමේ කටයුතු සම්බන්ධයෙන් සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

