රිච්ටර් මාපංකයේ 4.7 ක විශාලත්වයෙන් යුතු එක් භූ කම්පනයක් අද අලුයම කාලයේ දී පමණ පිලිපීනයේ සාරංගනී ප්‍රදේශයේ හට ගෙන තිබෙනවා.
එය සාරංගනී ප්‍රදේශයේ සිට කිලෝමීටර 157 ක් ගිනිකොණ දෙසින් හා කිලෝමීටර 116.5 ක් ගැඹුරින් හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
එසේම ඉන් පැය කිහිපයකට පසුව පිලිපීනයේ පොන්ඩගිටන් (Pondaguitan) ප්‍රදේශයේ ද රිච්ටර් මාපංකයේ 4.9 ක විශාලත්වයෙන් යුතු තවත් භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.
ඊයේ දිනයේ ද මෙම Pondaguitan ප්‍රදේශයේ ම කිලෝමීටර 58.2 ක ගැඹුරකින් යුතුව රිච්ටර් මාපංකයේ 5.3 ක විශාලත්වයෙන් යුතු භූ කම්පනයක් හට ගෙන ඇති බවයි එක්සත් ජනපද භූගෝලීය සමීක්ෂණ ආයතන වාර්තා කරන්නේ.

