ඖෂධ වර්ග පහක් භාවිතයෙන් ඉවතට

රෝගීන් මියයාම සහ විවිධ ගැටළු ඇති වීම හේතුවෙන් ඖෂධ වර්ග පහක් භාවිතයෙන් ඉවත් කර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරනවා.

Prednisolone, Propofol එන්නත, Bupivacaine, Amoxiclav, Ceftiaxone එම ඖෂධ වන අතර විධිමත් පරීක්ෂාවකින් පසුව ඒවා භාවිතයෙන් ඉවත් කළ බවයි එම අධිකාරිය පවසන්නේ.

එසේම ඖෂධ මිල දී ගැනීම් ප්‍රසම්පාදන ක්‍රියාවලියකට හෝ ඖෂධ ආනයනය කිරීමේ ක්‍රියාවලියකට ජාතික ඖෂධ නියාමන අධිකාරිය මැදිහත් නොවන බවත්, ඖෂධයක් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතු වුවහොත් පමණක් ඊට මැදිහත් වන බවත් එම අධිකාරිය අවධාරණය කර සිටිනවා.