රජයේ ආදායම ඉහළට

2023 වසරේ පළමු මාස 05 තුළ රජයේ ආදායම රුපියල් බිලියන 310.33 ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව සඳහන් කරනවා.

ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ රජයේ ආදායම රුපියල් බිලියන 1,122.4 ක් ලෙස පෙන්නුම් කර ඇති අතර 2022 වසරේ එම කාලයේ දී වාර්තා වූ අදායම රුපියල් බිලියන 812.07 ක් වෙනවා.