පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 05 කාලයක් සඳහා රජයේ නිලතල දැරීම එරට මැතිවරණ බලධාරීන් විසින් තහනම් කර තිබෙනවා.
ඉම්රාන් ඛාන් දූෂණ චෝදනා මත වසර තුනක සිර දඬුවමක් නියම වී දින තුනකට පසුව එරට මැතිවරණ කොමිසම විසින් මෙම තීරණය ප්රකාශයට පත් කර තිබෙන තිබෙන අතර ඒ අනුව ඔහුව පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් නෙරපා හැරීමට කටයුතු කර තිබෙනවා.
මේ වන විට පකිස්ථානයේ ඉස්ලාමාබාද් අසල බන්ධනාගාරයක රඳවා සිටින ඉම්රාන් ඛාන් තවදුරටත් ප්රකාශ කර සිටින්නේ මෙම චෝදනා දේශපාලනික පළි ගැනීම් බවයි.

