යළිත් ජනතා විරෝධතාවයක් ගැන බුද්ධි අංශ අනතුරු ඇඟවීමක්

ජල ගැටලුවට මැදි වී ඇති ගොවීන් යොදා ගනිමින් දැවැන්ත ජනතා විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවය විසින් අනතුරු අඟවා තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබෙන්නේ 2022 වසරේ දියත් කළ අරගලයට සමාන ජනතා විරෝධයක් ඇති කිරීමට පිරිසක් උත්සාහ කරන බවයි.

අරගලයේ යම් කොටස්කරුවන් මෙන්ම, විපක්ෂයේ විවිධ පාර්ශ්ව වල පිරිස් විසින් නියඟය, ගොවීන්ගේ දුෂ්කරතා, විදුලිය සහ ජල සැපයුම වැනි කරුණු මුල් කර ගෙන මෙය සිදු කරන බවටයි රාජ්‍ය බුද්ධි අංශය වාර්තා කර තිබෙන්නේ.