සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සාමාජිකයන්ගේ දායකත්ව මුදල් මත සැකසෙන ප්‍රතිලාභ පොලී අනුපාතය තහවුරු කිරීමට හැකි වන පරිදි 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව 2023 – 2026 කාලය දක්වා ඉදිරි වසර 4 ක කාලය තුළ දායකත්ව මුදල් මත හිමිවන වාර්ෂික පොලී අනුපාතය අවම වශයෙන් 9% ක් වන ලෙස වත්මන් පනත සංශෝධනය විය යුතු බවට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා