ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුර ආසන්නයේදී අනතුරට ලක්ව තිබෙනවා.
ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යෝදා ගනු ලබන පී ටී 06 වර්ගයේ ගුවන් යානයක් ඊයේ පෙරවරු 11 යි 27 ට පමණ එලෙස අනතුරට ලක්ව ඇති බවයි ගුවන් හමුදාව පැවසුවේ.
එම අනතුරෙන් අදාළ ගුවන් යානයේ ගමන් ගත් නිලධාරීන් දෙදෙනා මිය ගොස් තිබෙනවා.
මිය ගිය ගුවන් හමුදා නිලධාරීන්ගේ සිරුරු සොයා ගෙන ඇති අතර එම සිරුරු චීන වරාය ගුවන් හමුදා කඳවුරේ තැන්පත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
එම නිලධාරීන්ගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත රැගෙන යාමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ විසින් විශේෂ විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා.



