කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා දිනයේ පැය 15 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටවෙන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.
ඒ අනුව අළුත්ගම, මතුගම, අගලවත්ත, වාද්දුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බෝම්බුවල, මග්ගොන, දර්ගානගර්, පිලමිනාවත්ත, කළුවාමෝදර, මොරගල්ල යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටවෙනු ඇත.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කෙරෙන අතර එය පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා ක්‍රියාත්මක වනු ලබනවා.

