ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයකට නියඟයක් ඇති වීමේ අවදානමක්

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට නියඟයක් ඇති වීමේ අවදානමක් පවතින බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට නැවතත් වර්ෂාව ලැබෙනු ඇත්තේ ඔක්තෝම්බර් මාසරේ සිට පමණක් වන බවයි අදාළ නිලධාරීන් සඳහන් කරන්නේ.

එසේම මේ වන විට ද ගංගා සහ ජලාශ 6,000 කට ආසන්න ප්‍රමාණයක ජල මට්ටම් විශාල ප්‍රමාණයකින් පහත බැස ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.

මෙම තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනයේ දී මෙන්ම ගොවිතැන් කටයුතු වලට ද දැඩි ලෙස බාධා එල්ල වී තිබෙන අතර ඉදිරියට මෙම තත්ත්වය තවත් දරුණු විය හැකි නිසා අරපිරිමැස්මෙන් යුතුව ජලය භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා