සිනොපෙක්හි පළමු ඉන්ධන තොගය මුදා හැරීම මේ වන විට ආරම්භ කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.
එසේම එහි දෙවන ඉන්ධන තොගය හෙට දිවයිනට පැමිණෙන බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් වූ පසු සිනොපෙක් දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ ඛනිජ තෙල් මෙහෙයුම් ආරම්භ කරන බව ද අමාත්‍යවරයා පවසනවා.
නව සැපයුම්කරුවන් වෙළඳපොළට පැමිණීමත් සමඟ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා විදේශ විනිමය අවශ්‍යතා ද ලිහිල් වනු ඇති බවයි වාර්තා වෙන්නේ.

