ජූලි මාසයේ දී උද්ධමනය තවත් අඩු වෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය ජුනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේ මතුපිට උද්ධමනය 6.3% ක් දක්වා පහත බැස ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ආහාර කාණ්ඩය සඳහා වන උද්ධමනය 4.1% සිට -1.4% වැනි අඩු අගයක් දක්වා පහත වැටී තිබෙනවා.

එසේම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද 16.2%ක සිට 10.5% දක්වා අඩු වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් වාර්තා කරනවා.