ඉදිරි අයවැයේ දී වෛද්‍යවරුන් සඳහා සැලකිය යුතු වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.
භාහිර රෝගී අංශයේ රෝගියෙක් සඳහා රුපියල් 28 ක් ද, සායනයක රෝගියෙක් සඳහා රුපියල් 36ක් වැනි මුදලක් ද මේ වන විට වෛද්‍යවරුන්ට ගෙවන අතර මෙම වැටුප් විෂමතාවය හේතුවෙන් බොහෝ වෛද්‍යවරුන් රට හැරයාමට පෙළඹී ඇති බව යි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

