වෙරළබඩ ප්‍රදේශවලට තද සුළං සහ තද වැසි ඇති කරමින් ඩොක්සුරි සුළිකුණාටුව අද නැගෙනහිර චීනයට ඇතුළු වී තිබෙනවා.
පිලිපීනයේ සිට තායිවානයට ඇතුළු වී ඉන් පසුව නැගෙනහිර චීනයට ඇතුළු වූ මෙම කුනාටුව හේතුවෙන් නැගෙනහිර චීනයේ ප්‍රදේශ රැසකට රතු අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
එරට වේලාවෙන් අද පෙරවරු 10 ට පමණ පැයට කිලෝමීටර 175 ක වේගයකින් යුතුව ෆුජියන් පළාතේ වෙරළට ළඟා වූ බවයි චීන මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
මෙම සුළි කුනාටුව ක්‍රමයෙන් දුර්වල වෙමින් මධ්‍යම චීනය හරහා වයඹ දෙසට ගමන් ගන්නා බවයි එරට කාලගුණ අංශ අනාවැකි පළ කරන්නේ.

