ස්මාර්ට් ජංගම දුරකථන පාසල්වලින් ඉවත් කරන ලෙස නිර්දේශයක්

පන්තිකාමරය තුළ ළමයින්ගේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගනිමින් ඉගෙනුම් කටයුතු වැඩි දියුණු කිරීමට සහ පාසල තුළ දී සිදු වන cyberbulling හෙවත් අන්තර්ජාලය හරහා ළමයින් අපාසුතවයට පත් කිරීම් වලින් ළමයින් ආරක්ෂා කර ගැනීම සඳහා පාසල් තුළ ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය තහනම් කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යා හා සංස්කෘතික සංවිධානය – UNESCO විසින් නිර්දේශයක් ඉදිරිපත් කර තිබෙනවා.

අධික ජංගම දුරකථන භාවිතය අධ්‍යාපන කාර්යය සාධන මට්ටම අඩු කිරීමට හේතුවක් වන බවට සාක්ෂි ඇති බවත්, එය දරුවන්ගේ මානසික යහපැවැත්මට අහිතකර ලෙස බලපාන බවත් යුනෙස්කෝව සඳහන් කරනවා.

එසේම සෑම විටම ඩිජිටල් තාක්ෂණය සහ කෘතීම බුද්ධිය මූලික කර ගත් අධ්‍යාපන ක්‍රමයකට වඩා ශිෂ්‍යයන් සහ ගුරුවරුන් මුහුණට මුහුණ ලා කරන අධ්‍යාපන ක්‍රමය වඩාත් වැදගත් සහ ඵලදායි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.