කොළඹ ජල කාන්දුව 18 %ක් දක්වා අඩු කිරීමට හැකි වෙයි

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජලය අපතේ යාම 40% සිට 18 % ක් දක්වා අඩු කිරීමට හැකි වී තිබෙනවා.

ඒ ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ක්‍රියාත්මක කළ මහ කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ නව ව්‍යෘපතීය හේතුවෙන් ය.

එම ව්‍යාපෘතිය හරහා පැරණි ජල කාන්දු සිදු වූ නළ ඉවත් කර ඒ වෙනුවට අලුතින් ජල නළ එලනු ලැබුවේ ය.