නයිජර් හමුදා පාලනයට යටත් වෙයි

බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජර්හි පාලන බලය හමුදාව විසින් අත්පත් කර ගෙන තිබෙනවා.

එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් කර්නල් – මේජර් අමදු අබ්ද්‍රමනේ කියා සිටියේ ආරක්ෂක හමුදා විසින් ජනතාවට හුරු පුරුදු පාලන තන්ත්‍රය අවසන් කිරීමට තීරණය කර ඇති බවයි.

මේ වන විට එරට ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසුරුවාහැර සියලු ආයතන ද අත්හිටුවා ඇති බව යි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

එසේම නයිජර් හි දැනට පවතින මෙම තත්ත්වයට විදේශයන් කිසිවකට මැදිහත්වීම් කිසිවක් නොකරන ලෙසයි ඔහු අනතුරු අඟවා තිබෙන්නේ.