මතභේදාත්මක අධිකරණ ප්‍රතිසංස්කරණ පනත ඊශ්‍රායල පාර්ලිමේන්තුව හමුවේ සම්මත කෙරුණි.
රටේ උපරිමාධිකරණයේ බලය සීමා කරන මෙම පනත පාර්ලිමේන්තු ඡන්දයකින් සම්මත වුණේ ඊට එරෙහිව සති 30ක කාලයක් පැවැති ප්‍රබල මහජන විරෝධතා ද නොතකමිනි.
පනතට පක්ෂව ඡන්ද 64ක් හිමිවී තිබූ අතර එහිදී ඡන්දය භාවිතයෙන් වැළකී සිටි විපක්ෂය පාර්ලිමේන්තුවෙන් ඉවත්ව යාමට කටයුතු කර තිබුණි.
රජය ගනු ලබන තීන්දුවක් යම් හෙයකින් අධිකරණය මගින් වාරණය කළහොත් එය අබිබවා ගොස් එම තීන්දු ක්‍රියාවට නැංවීමේ අවස්ථාව නව ප්‍රතිසංස්කරණ යටතේ හිමි වෙයි.
ප්‍රතිසංස්කරණවලට එරෙහි විරෝධතාකරුවන් අවධාරණය කරන්නේ ඉන් රටේ ප්රජාතන්ත්රවාදයට මරු පහරක් එල්ලවනු ඇති බවය.
මේ අතර ශල්‍යකර්මයකට ලක්වී රෝහල්ගතවී සිටි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු ප්‍රතිකාර ලබා ඉන් පිටව ගොස් තිබේ.

