බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කෙරෙමින් ගැසට් නිවේදනයක්

ඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බිත්තර මිල පාලනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය මඟින් සුදු බිත්තරයක් රුපියල් 44ක් හා දුඹුරු බිත්තරයක් රුපියල් 46ක් වන ලෙසටත් පනවා තිබූ පාලන මිල ඉන් ඉවත් වනු ලබනවා.

බිත්තර සඳහා පාලන මිලක් පනවා තිබීම හේතුවෙන් බිත්තර හිඟය නිර්මාණය වූ බවට සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා චෝදනා කරන අතර ඔහු පවසන්නේ පාලන මිල ඉවත් කිරීමත් සමඟ රුපියල් 50ක මිලකට බිත්තරයක් අලෙවි කිරීමට හැකියාව පවතින බවයි.

එසේම ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර සතොස හරහා බිත්තරයක මිල රුපියල් 35 බැගින් ද, සුපිරි වෙළෙඳ සැල්වලින් බිත්තරයක් රුපියල් 40 බැගින් ද මිල දී ගත හැකි වනවා.