ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර රුපියල් 35 බැගින් ලංකා සතොස අලෙවිසැල් හරහා අද සිට මිල දී ගත හැකි බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනවා.
එමෙන්ම සුපිරි වෙළඳසල් වලට බිත්තරයක මිල රුපියල් 40 බැගින් වන පරිදි බිත්තර පෙට්ටි නිකුත් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

