සමාජ මාධ්‍ය දැවැන්තයින් සිය සමාජ ජාල වල වෙනස්කම් රාශියක් සිදු කරන පසුබිමක චීන ByteDance සමාගමට අයත් video streaming යෙදවුමක් වන TikTok විසින් ද අලුත් විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව TikTok හරහා අකුරු පමණක් සහිත පළ කිරීම් හෙවත් text – only posts ද පළ කිරීමට මෙමගින් අවස්ථාවක් ලබා දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් TikTok යෙදවුම පවසන්නේ පරිශීලකයින්ට සිය අදහස් ප්‍රකාශ කිරීම සඳහා තවත් මාර්ගයක් මේ හරහා ලැබෙන බවයි.
ඒ අනුව දැන් TikTok හරහා ඡායාරුප, වීඩියෝ සහ text පළ කිරීමේ හැකියාව ලැබෙනවා.
එසේම මේ මාසයේ මුල දී එම සමාගම විසින් TikTok Music සේවාවක් ද හඳුන්වා දුන් අතර ඒ හරහා TikTok හි හමු වූ සින්දු වලට සවන් දීමේ, ඒවා share කිරීමේ සහ download කිරීමේ හැකියාව පවතිනවා.

