ශ්‍රී ලංකා දුම්රිය සේවය අධිකාරියක් බවට පත්කිරීමට අදාළ යෝජනාව විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඊයේ පැවති කැබිනට් මණ්ඩල හමුවට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති බවට වාර්තා වෙනවා.
එසේම අදාළ වාර්තාව විදේශීය දුම්රිය සේවාවන් සහ මෙරට දුම්රිය සේවය පිළිබඳව අවධානය යොමු කරමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා දුම්රිය සේවය සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා විද්වත් කමිටුවක් පත් කරන ලෙස ද අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත.

