කාර්යාල දුම්රිය ගමන් වාර 04 ක් අදත් අවලංගුයි

අද පෙරවරුවේ කාර්යාල දුම්රිය ධාවනය කිරීම සඳහා රියදුරු සහකයින් සේවයට වාර්තා කර නොමැති වීම හේතුවෙන් කාර්යාල දුම්රිය ගමන් වාර 04ක් අවලංගු කිරීමට සිදු වී තිබෙනවා.

කොළඹ කොටුවේ සිට රඹුක්කන, පොල්ගහවෙල සහ ගම්පහ ඇතුළු දුම්රිය ස්ථාන වෙත ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර මෙලෙස අවලංගු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම දුම්රිය ගමන් වාර අවලංගු වීම හේතුවෙන් මගීන් දැඩි දුෂ්කරතාවයට පත් වී තිබුනා.