Twitter ලාංඡනය වෙනස් වෙයි

Twitter හි හිමිකරු වන Elon Musk සහ එහි ප්‍රධාන විධායක නිලධාරිනි Linda Yaccarino විසින් Twitter සඳහා නව ලාංඡනයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව පෙර පැවැති නිල් පසුබිමේ සුදු පැහැයෙන් යුතු කුරුල්ලා වෙනුවට කළු පසුබිමක සුදු පැහැයෙන් “X” යන්න නව ලාංඡනය ලෙස එළි දක්වා තිබෙනවා.

2022 වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 44 කට Twitter සමාගම මිල දී ගත් Elon Musk, එහි ලාංඡනය මේ ලෙස වෙනස් කිරීම මෙතෙක් සිදු කළ විශාලතම වෙනස්කම ලෙසයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

මේ වන විට X.com යන වෙබ් අඩවිය Twitter.com වෙබ් අඩවියට විවෘත වන ලෙස සකසා තිබෙනවා.