සමගි ජනබලවේගය සන්ධානය සඳහා නාමයෝජනා ඉල්ලුම්පත්‍ර හෙට (27දා) සිට කැඳවීමට නියමිත බවත්, එළඹෙන මාර්තු 02 වැනිදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර නව සන්ධානයේ කටයුතු ආරම්භ කරන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඒ අනුව එදිනට එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානයට එකඟතාව පළ කළ සියලු පක්ෂ සමග ගිවිසුම්ගත වීමට නියමිත බවත්, ඒ වෙනුවෙන් මේ වනවිට සියලු පක්ෂ නායකයන්ට ආරාධනා කර ඇති බවත් ඒ මහතා පවසා සිටියේය.

