මේ වසරේ ජනවාරි සිට ගත වූ මාස 06 තුළ දී පමණක් ඖෂධ හා ශල්‍ය උපකරණ වර්ග 64 ක් භාවිතයෙන් සම්පුර්ණයෙන් හෝ තාවකාලිකව ඉවත් කොට ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ සඳහන් වෙනවා.
මෙම ඖෂධ හා උපකරණ තත්ත්වයෙන් බාල බවට ලැබෙන චෝදනා හා පැමිණිලි මත ඒවා භවිතයෙන් ඉවත් කර තිබෙනවා.
මෙලෙස භාවිතයෙන් ඉවත් කරන ලද ඖෂධ හා ශල්‍ය උපකරණ වලින් බහුතරයක් දිනපතා භාවිතා කරන සහ අත්‍යවශ්‍ය ඖෂධ බවත්, ඒවා බොහොමයක් ඉන්දියාවෙන් ගෙන්වන ලද හෝ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඒවා බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

