ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ඉන්දීය නිල සංචාරය අතරතුර දී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුම් පහකට අත්සන් තැබීමට නියමිතව තිබෙනවා.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන මිත්‍රත්වය වර්ධනය කර ගනිමින් දෙරට අතර ආර්ථික සහයෝගිතාවය වැඩි දියුණු කර ගැනීම අරමුණු කර ගනිමින් මෙම ගිවිසුම් අත්සන් කෙරෙනු ලබනවා.
පුනර්ජනනීය බලශක්තියට අදාලව ද, දෙරට අතර මුහුද යටින් තෙල් නල සහ විදුලි කේබල් එලීමට අදාලව ද, ත්‍රිකුණාමලය ප්‍රදේශය ආශ්‍රිතව ආර්ථික කලාපයක් ඇති කිරීමට අදාලව ද, ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ඍජුවම ඉන්දීය රජය මඟින් මිල දී ගැනීමට අදාලව මෙන්ම කිරි නිෂ්පදනයට අදාලව ද දෙපාර්ශවය අතර ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන ජූලි 21 වන දා ඉන්දියාවේ සංචාරය සඳහා පිටත් වනු ලබනවා.

