ජනාධිපති ධුරයට පත් වී වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කිසිදු පදවි ප්රාප්ති උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
එළඹෙන ජූලි 20 වන දා ට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වී වසරක් සම්පූර්ණ වෙනවා.
2022 ජූලි ජුලි මස 20 වන දින පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකදී ජන්ද 134ක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වූ අතර පසුව ජුලි මස 21 වනදා ඒ මහතා මෙරට අට වන ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ලැබුනා.
රජයට සහ ජනාධිපතිවරයාට හිතවත් පාර්ශව පෙන්වා දී ඇත්තේ, පත්ව තිබූ අරාජිකත්වයෙන් රට සාමාන්‍යකරණයකට පත් කර ඇති හෙයින් පදවිප්‍රාප්ති උත්සවයක් සංවිධානය කිරීම අවශ්‍ය බවයි.
කෙසේ වෙතත් කිසිදු මහජන මුදලක් හෝ පෞද්ගලික මුදලක් වැය කොට පදවි ප්රාප්ති උත්සවයක් සංවිධානය කිරීම අවශ්‍ය නොවන බව ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

