ආනයනික කිරිපිටි සඳහා රේගු ආනයනික බද්ද සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ සිට ක්රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝග්රෑම් 01ක් සඳහා රුපියල් 100ක බද්දක් අය කරනු ලබනවා.
මීට පෙර අවස්ථාවක දී ද ආනයනික කිරිපිටි කිලෝග්රෑම් එකක් සඳහා 20% ක හෝ රුපියල් 225ක රේගු ආනයනික බද්දක් පනවා තිබු අතර පසුව එය ඉවත් කරනු ලැබුවා.
කෙසේවෙතත් බදු ඉහළ දැමීමක් සිදුවුව ද කිරිපිටි මිලෙහි වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කර ඇත්තේ.

