ඇමරිකාවෙන් තවත් ඖෂධ ආධාර තොගයක්

ඩොලර් මිලියන 53.03 ක් වටිනා තවත් ඖෂධ තොගයක් මෙරට ඇමරිකානු තානාපතිනිය විසින් අද සෞඛ්‍ය අමාත්‍යංශයට භාර දී තිබෙනවා.

කුඩා දරුවන්ගේ සමේ රෝග, ආතරයිටීස්, සහ පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ ඇතුළු තවත් වර්ග 16 ක ඖෂධ මෙම ආධාර තොගයට ඇතුලත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ.