පාන් රාත්තලක් රුපියල් 100 ක් දක්වා අඩු කළ හැකි ක්‍රමයක්

තිරිඟු පිටි ආනයනය කිරීමේ දී රජය විසින් පනවා ඇති බලපත්‍රය ඉවත් කළ හොත් පාන් රාත්තලක මිල රුපියල් 100 දක්වා අඩු කළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

මෙම බලපත්‍ර ක්‍රමය හරහා සමාගම් කිහිපයකට පමණක් තිරිඟු පිටි ආනයනය කිරීම සඳහා අවසර ලබා දී තිබීම හේතුවෙන් තිරිඟු පිටි මිල ඉහළ ගොස් ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.