2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ අයදුම්පත්‍ර කැඳවීම අද සිට Online ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අයදුම් පත් කැඳවීම ලබන 28 වනදා දක්වා ක්‍රියාත්මක බව යි ඔවුන් සඳහන් කරන්නේ.
ඒ අනුව www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic යන වෙබ් අඩවි වලින් හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම වන “DoE” වෙත පිවිසීමෙන් අයදුම්පත් යොමු කළ හැකි වෙනවා.
2022 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින නමුත් විභාගයට පෙනී සිටීම සඳහා අපේක්ෂා කරන සිසුන් ද ඉහත සඳහන් කරන ලද දිනයට පෙර අයදුම් පත් යොමු කල යුතු වෙනවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 1911 කෙටි දුරකථන අංකයෙන් හෝ අදාළ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි වෙනවා.

