ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අලුත් වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය – ICC විසින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව යාවත්කාලීන කර තිබෙනවා.

ඒ අනුව ප්‍රසාද ලකුණු 883 ක් හිමිකරගනිමින් නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන්, ටෙස්ට් පිතිකරුවන්ගේ ලැයිස්තුව පළමු ස්ථානයට පැමිණීමට සමත්ව තිබෙනවා.

මීට පෙර ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන රැඳී සිටි ජෝ රූට් එම ස්ථානයේ සිට 5 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

ටෙස්ට් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ වෙනසක් සිදු වී නොමැති අතර තවදුරටත් ඉන්දීය ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් එහි පෙරමුණේ පසුවෙනවා.

ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය මෙවරත් හිමි කර ගෙන ඇත්තේ ඉන්දීය ක්‍රීඩක රවින්ද්‍ර ජඩේජා යි.