කොත්තු සහ රයිස් මිල අඩු වෙයි

අද සිට ක්‍රියාත්මක වන පරිදි කොත්තු සහ රයිස් මිල 10% කින් අඩු කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ ඊයේ සිදු කළ ගෑස් මිල අඩු වීමට සාපේක්ෂවයි.

කෙසේවෙතත්, කිරි තේ සහ තේ කෝප්පයක මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි ඔවුන් සඳහන් කරන්නේ.