ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවාව වඩාත් කාර්යක්ෂම කිරිමට පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවාව යටතේ හැදුනුම්පත් නිකුත් කිරිමේදී හැදුනුම්පත නිකුත් කිරිමේ වෙලාව කෙටි පණිවුඩයක් ( SMS )මගින් අදාල අයදුම්කරු වෙත දැනුම් දීමට වැඩපිළිවෙලක් සකස් කර ඇත.

