ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකුවල පාඩුව බිලියන 97 ක් – ගම්මන්පිල

රජය විසින් ගෙන යන දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල හේතුවෙන් රුපියල් බිලියන 97 ක ට වැඩි අලාභයක් බැංකුවලට සිදු වෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරනවා.

බැඳුම්කර සහ ඩොලර් ණය දෙකෙහිම ප්‍රාග්ධන කපා හැරීමෙන් බැංකුවලට මෙම පාඩුව සිදු වෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.