ඉතාලියට කොරෝනා අවදානමක්

නව කොරෝනා වෛරසයේ දරුණුම පැතිරීම යුරෝපයේ ඉතාලිය ආශ්‍රිතව වාර්තා වීමත් සමග වැනීසියේ පැවැත්වෙන සුප්‍රසිද්ධ වැනීස් සැනකෙළිය දින කිහිපයකට පමණක් සීමා කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.

වෙනීටෝ පළාතේ බලධාරීන් සඳහන් කළේ එය අවසන් වීමට දින දෙකක් තිබියදී එය අවසන් කිරීමට තීරණය කළ බවයි.

යුරෝපය තුළ කොරෝනා ආසාදිතයන් වැඩිම පිරිසක් හමුවන රට බවට මේ වනවිට ඉතාලිය පත්ව ඇති අතර, එරටින් ආසාදිතයන් 152 දෙනෙකු වාර්තා වෙයි.