දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්මත වෙයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව අද පැවැති ඡන්ද විමසීමකින් අනතුරුව වැඩි ඡන්ද 60 කින් සම්මත වී තිබෙනවා.

ඒ අනුව එම යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 62ක් හිමි විය.

මෙම යෝජනාව සම්මත වීමත් සමඟ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අවශ්‍ය සියලුම තීන්දු තීරණ ගැනීමට බලය හිමි වනවා.

“ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශ්ස්තක්රණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාව” සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

අද පෙරවරුවේ සිට රාත්‍රී 7.30 දක්වා අදාළ විවාදය පැවති අතර ඡන්ද විමසීම ඊට පසුව පැවැත්විණි.