කොළඹ අද රාත්‍රියේ ජලය කැපෙයි

නල මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රි 11 සිට පැය 04 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

කොළඹ 10,11 සහ 12 යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.